සමන්තුරේ මල්ලාර් ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
Related Articles
යුද හමුදාව සමන්තුරේ මල්ලාර් ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එහිදී පුපුරණ ද්‍රව්‍ය සමග ආයුධ සොයාගෙන තිබෙනවා.
ටී 56 උණ්ඩ 148 ක්, පිස්තෝල 2 ක් ජෙලට්නයිට් කූරු 200 ක් ඩෙටනේටර් 200 ක් වයර් කෝඩ් 46 ක් පිස්තෝල උණ්ඩ 20 ක් සහ පතරොම් 8 ක් ද ඒ අතර වනවා. හමුදා නිල ඇදුමක් සහ ඇමෝනියා කිලෝ 100 ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
අනතුරුව පොලිස් නිල සුනඛයින් යොදා ප්‍රදේශ පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. 24 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය යටතේයි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන්නේ.