fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි දින දෙකේදී වැසි සහ සුලං වැඩිවන බවට අනාවැකි

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 11:27

ඉදිරි දින දෙකේදී වැසි සහ සුලං වැඩිවන බවට අනාවැකි

වැසි සහ සුලං තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ දිවයිනට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ ෆොනී සුලි කුණාටුව හේතුවෙන්.

ධිවරයන් සහ නාවිකයන් මේ පිලිබද විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප‍්‍රකාශ කළේ.

හෙට (02) සහ අනිද්දා (03) දිනවලදීත් තද සුලං සහ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිලිබදව විශේෂ අවධානයක් යොමුකරන ලෙස ද ඔවුන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo