fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික අංශ සේවක අවම වැටුප වැඩිකිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 09:32

පෞද්ගලික අංශ සේවක අවම වැටුප වැඩිකිරීමට කැබිනට් අනුමැතිය

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වේතනය ඉහල නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍යවරයාගේ ඉල්ලිම පරිදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමායි යෝජනාව ඉදිරිපත් කලේ.

2016 ජනවාරි පලමුවනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් දස දහසක්. අවම දෛනික වැටුප රුපියල් 400 ක් ලෙසයි නියම කර තිබුනේ. එහෙත් වර්තමානයේ පවතින ජිවන වියදමට ගැලපෙන පරිදි පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ අවම මාසික වැටුප වැඩිවන බවයිි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප‍්‍රකාශ කළේ.

සියලු සේවා නියුක්තිකයන්ට අවශ්‍ය උපරිම පහසුකම් සැලසීමට ද වත්මන් රජය පියවර ගෙන ඇති බව රවීන්ද්‍ර සමරවීර මහතා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo