මේ අතර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් මිලින්ද සිරිවර්ධන ද සිටිනවා.එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 30 කින් එංගලන්තයේදී ආරම්භ වනවා.
මෙවර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් දහය මේ වන විට සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්. මෙම තේරීම් අතර සිටින ඇතැම් ක්‍රීඩකයින් පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිල නිල වෙබ් අඩවිය විස්මය දනවන ලිපියක් පල කර තිබෙනවා. නවසීලන්ත, ඉන්දීය, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථාන හා ශ්‍රී ලංකා නියෝජනය කරන එක් ක්‍රීඩකයකු බැගින් මෙම ලිපියට ඇතුළත්. මිලින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා සංචිතයෙන් එලෙස නම් කර ඇති ක්‍රීඩකයායි. ඔහු 2017 වසරේ සිට ජාත්‍යන්තර එක්දින තරග ක්‍රීඩා කර නැහැ.
මිලින්ද පිතිකරු ලැයිස්තුවේ අංක 06 ස්ථානය වෙනුවෙන් නම් කර තිබෙනවා. වමත් දඟපන්දු යවන්නෙක් වන ඔහු එක්දින ජාත්‍යන්තර තරග 26 කට ක්‍රීඩා කර දවා ගෙන ඇත්තේ කඩුළු 09 ක් පමණයි. එහිදී අර්ධ ශතක තුනක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා. කෙසේ වුවද පසුගියදා නිමාවූ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මිලින්ද සිරිවර්ධන වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්තා.