ෆොනි තවත් චණ්ඩ වෙයි
Related Articles
ෆොනි චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 12 දී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ධීවරයන් සහ නාවිකයන් මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දෙන්නේෙ.
සුළගේ වේගය වැඩීවීමක් ද අපේක්ෂා කරනවා. උතුර, උතුරු මැද, වයඹ පළාත්වලත්, දකුණ පළාත, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සුලගේ වේගය වැඩි විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ . දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.