fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක අංශවලට අවශ්‍යව තිබූ තවත් ලොරි රථයක් සමඟ 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 11:04

ආරක්ෂක අංශවලට අවශ්‍යව තිබූ තවත් ලොරි රථයක් සමඟ 3ක් අත්අඩංගුවට

සැක කටයුතු ලොරි රථයක් සමඟ තුන් දෙනෙකු පොලොන්නරුව සුංගාවිල ප‍්‍රදේශයේදි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලට සම්බන්ධයෙන් අවශ්‍යව තිබූ ලොරි රථයක් මෙසේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. තහනම් පිහි නවයක් සමඟ කුරුදුවත්තේදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකායයි වැටලීම සිදුකළේ.

මේ අතර ත‍්‍රස්ත ප‍්‍රහාර සම්බන්දයෙන් කොටහේනේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට අද(30) ඉදිරිපත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔවුන් ළඟ තිබී සංයුක්ත තැටි කිහිපයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් රඳවාගෙන ප‍්‍රශ්න කිරමට අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ. තවුහිද් ජමාත් සංවිධානය සමඟ සබඳතා පැවැත්වු බවට සැක පිට දුම්මලසූරිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ද අද (30)අධිකරණයට ඉදිරිපත් ක ිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්