fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇදුම් කට්ටල 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 10:22

යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇදුම් කට්ටල 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ

යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇදුම් කට්ටල 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා.කුරුනෑගල මල්ලවපිටිය අවට ගම්මාන කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුධ හමුදා නිල ඇදුම් තොගය හමුවුණේ.

නිලඇදුම්වලට අමතරව යුද හමුදා ඇදුම් මැසීමට යොදා ගන්නා රෙදි රෝල් රැසක්ද ගිනිඅවියක බද කොටසක් හා වායු රයිෆලයක් සහ කඩු කිනිසි ඇතුළු අවිආයුධ රැසක් මෙහිදී අත්අඩංගුවට ගැනුණා.

විවිධ පොලිස් ස්ථානවල තොරතුරු ඇතුලත් ව්‍යාජ නිල මුද්‍රා රැසක්ද,විදේශ ගමන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් සහ ජංගම දුරකතන මෙහි තිබී සොයා ගැනුණා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්