fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IS ත්‍රස්ත නායක අබු බකර් අල් බග්ඩාදි ගේ වීඩියෝ පටයක් නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 08:35

IS ත්‍රස්ත නායක අබු බකර් අල් බග්ඩාදි ගේ වීඩියෝ පටයක් නිකුත් කෙරේ

IS ත්‍රස්ත නායක අබු බකර් අල් බග්ඩාදි වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල කළ ප්‍රහාරය සිය අවසන් බලකඳවුර වූ ඉරාකයේ බගුස් හි බිඳ වැටීමේ පළිගැනීමක් බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. අබුබකර් අල් බග්ඩාදි 2014 වසරෙන් පසුව යළි පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි. මේ අතර පසුගියදා එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එරට ජාතික විමර්ශන ආයතනය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා රියාස් අබුබකර් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. ඔහු කේරළ ප්‍රාන්තයේ ප්‍රහාරයකට පැමිණි බවද මේ වන විට එම ආයතනය හඳුනාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 08:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්