ඉස්ලාම් ආගම ඉගැන්වීම සඳහා මෙරටට පැමිණි විදේශිකයින් රට තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අභ්‍යන්තර , ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් ඒ හලීම් යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගි වුණා. රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයින් රැසක් ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව මෙහිදී හෙළි වුණා. ඔවුන් සියලු දෙනා වහාම රටින් පිට කිරීමට විධිවිධාන යොදන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.