එංගලන්ත ටෙස්ට් ක්රිකට් ක්රීඩක බෙන් ෆෝක්ස් එරට එක්දින ක්රිකට් කණ්ඩායමට කැදවා තිබෙනවා. අයර්ලන්තය සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්රිකට් තරගාවලිය සදහායි බෙන් ෆෝක්ස් කැදවා තිබෙන්නේ.
ඒ එංගලන්ත එක්දින ක්රිකට් කණ්ඩායමේ සැම් බිලින්ග්ස් ආබාධයට ලක්විම හේතුවෙනුයි. ඒ අනුව බෙන් ෆෝක්ස් එංගලන්තය වෙනුවෙන් එක්දින වරම් හිමි කරගන්නා දෙසිය පනස් දෙවැනි ක්රිඩකයායි. ඔහු කඩුලු රකින්නෙක් ලෙසද ඉහළ දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙනවා.