fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම හෙට සිට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 11:55

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම හෙට සිට

පාස්කු ඉරිදා පිපිරිම් වලින් තුවාල ලැබූ පුද්ගලයන්ට වන්දි ලබාදීම හෙට (30) සිදුකරන බව රජය ප‍්‍රකාශ කළා. පිපිරිම්වලින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදලක් එක් අයෙකු වෙනුවෙන් ලබාදීමටයි රජය තීරණය කළේ. මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දහයක්. ඉන් ලක්ෂයක මුදලක් අවමංගල්‍ය කටයුතු සඳහා මේ වනවිට ලබාදී අවසන්. ඉතිරි ලක්ෂ නවය බැගින් වූ මුදල ද කඩිනමින් ලබාදෙන බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

කැබිනට් අනුමැතිය ඇතිව ප‍්‍රතිපාදන මේ වනවිට වෙන්කර තිබෙනවා. අවශ්‍යතා මක තවදුරටත් මුදල් වෙන්කිරිමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්