fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයෙන් හමු වූ භූ ගත බංකරය පිළිබඳ අංශ කිහිපයකින් පරික්ෂණ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 11:36

යාපනයෙන් හමු වූ භූ ගත බංකරය පිළිබඳ අංශ කිහිපයකින් පරික්ෂණ

යාපනය නිවසකින් සොයාගත් භූ ගත බංකරය පිළිබඳ අංශ කිහිපයකින් පරික්ෂණ ක‍්‍රියාත්මක බව පොලිසිය ප‍්‍රකාශ කළා.

මහල් තුනක නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූ ගත බංකරය සොයාගැණුනේ පොලිිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකින්. මීටර 25ක දිගින් යුත් බංකරය උසින් අඩි අටක් සහ පළලින් අඩි පහක් පමණ වන ලෙස සකස් කර තිබූ බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

ආරක්ෂිිත දොරක් යොදා ඇති එයට ඇතුළු වීම සඳහා පඩිපෙළක් ද සකස් කර තිබූ අතර, බංකරය ඇතුළත විදුලිය ද සපයා තිබූ බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සැකකරුවකු ද අත්අඩංගුවට ගැණුනා. ඔහුගෙන් මේ වනවිට ප‍්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ නිවසේ හිමිකරු කොළඹබ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
කිලිනොච්චිය කනකාම්බියේකුළම් ප‍්‍රදේශයේ පාළු නිවසක තිබී ජංගම දුරකථන කිහිපයක්, කැමරාවක් සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනූණා. මෙම නිවසේ යකඩ බඩු අළෙවිකරන ව්‍යාපාරිකයෙකු රැදී සිට ඇති බවයි ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo