fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනන්‍යතාව හදුනාගැනීමට අපහසුවන සියලු මුහුණු ආවරණ අද සිට තහනම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 08:34

අනන්‍යතාව හදුනාගැනීමට අපහසුවන සියලු මුහුණු ආවරණ අද සිට තහනම්

අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලු ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද (29) සිට තහනම් කර තිබෙනවා.

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් හදිසි අවස්ථා නියෝග යටතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා මෙම තීරණයට එළඹ ඇති බවයි මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. අනන්‍යතාව තහවුරු කිරිමේ දී මුලික නිර්ණායකයක් ලෙස පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය වීම අත්‍යවශ්‍ය බව එම නියෝගයෙන් පැහැදිලි කර තිබෙනවා.

රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවට ලක්නොවන සාමකාමී සහජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරිම මෙහි අරමුණ බවයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 08:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්