පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන සියලුම ආරක්ෂක අංශවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් ස්තූතිය පළකළා. ජිහාඩ් ත්‍රස්තවාදය අවසන් කිරිම සඳහා සියලු පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ විශේෂ ප්‍රකාශයක් කරමින්.
කාදිනල් හිමිපානන් අද (28) පැවැත්වූ දේව මෙහෙයට සහ කොච්චිකඩේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගි වීමෙන් පසුවයි එම විශේෂ ප්‍රකාශය කළේ. ශ්රී්රී ලංකාවේ බුද්ධි අංශ පසුගිය කාලයට වඩා ජාත්‍යන්තර බුද්ධි සේවා සමඟ ඉතා සහයෝගයෙන් හා ශක්තිමත්ව කටයුතු කරන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.
විනාශකාරි හා කඩාකප්පල්කාරි ක්‍රියාවන්ට එරෙහිව දැඩි ලෙස කටයුතු කරගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කිරිම, මාවනැල්ලේ බුදු පිළිම කඩා දැමීම හා කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුට වෙඩි තැබීම ඇතුළු ත්‍රස්ත ක්‍රියා කිහිපයක් ද සිහිපත් කරමින්. වීසා නොමැතිව විවිධ අධ්‍යාපන ආයතනවල කටයුතු කරන විදේශ ගුරුවරුන් රටින් පිට කිරිමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ශ්‍රී ලාංකිකයන් විදේශවල ත්‍රස්ත කල්ලි සමඟ සම්බන්ධ වීමට එරෙහිව පියවර ගැනීමේ නීති ප්‍රතිපාදන නොමැති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ඒ එම හිඩැස පිරවීමට පියවර ගන්නා බව පෙන්වා දෙමින්.
මෙවැනි අපරාධවලට යොමු වීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීති නොතිබීම බාධාවක් වූ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. එම නීති සම්මත කර ගැනීමේ කෙටුම් පතක් පසුගිය වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් එය පාර්ලිමේන්තු කමිටුවක සිරවී තිබෙන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වහාම එම පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්රකාශයේදී අවධාරණය කළා.