සුඩාන හමුදා පාලනය සහ විරුද්ධ පක්ෂය නව කවුන්සිලයක් සඳහා එකඟත්වය පළකර තිබෙනවා. ඒ දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවකින් පසුයි.
සාකච්ඡා අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එරට හමුදා ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍යයට සඳහන් කර තිබෙන්නේ. ඕමාර් අල් බෂීර් බලයෙන් ඉවත් කිරීමෙන් පසු මේ වනවිට සුඩානයේ පවතින්නේ හමුදා පාලනයක්. ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.