නීතිවිරෝධීව වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථ තුනක් සහ ට්රැක්ටර් තුනක් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත්තා.
කිලිනොච්චිය දිසා දූෂණ මර්දන අංශයට හා කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුවයි වැටලීම සිදුකළේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් රථ වාහනවල හිමිකාරිත්වය අනුව ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම් සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.