එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිරිමි තරග විනිශ්චය සදහා පලමුවරට කාන්තා විනිසුරුවරියක් තේරීපත්ව ඇති බව ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.
ඇය ඔස්ටේරිලියාවේ ක්ලෙයාර් ෆොලොසාක්ය. නිව් සවුත්වේල්හි උපත ලබා ඇති ඇගේ වයස අවුරුදු 31 ක්.
ඇය මීට පෙර ගෘහස්ථ පිරිමි ක්‍රිකට් තරග සහ කාන්තා තරග විනිසුරිවරියක ලෙස ද කටයුතු කර තිබෙනවා. ඇය විනිශ්චය කරන එක්දින ජාත්‍යන්තර තරගය මේවන විට ආරම්භ වී ඇති අතර, තරගය පැවැත්වෙන්නේ නැමීබියාව සහ ඕමානය අතරයි.