පාස්කු ඉරිදා ප්රහාරය සිදු කළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ රියදුරා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාත්තන්කුඩි පොලිසීය සිදු කළ මෙහෙයුමකදියී සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ. පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු ප්රහාරකයන් නිකුත් කළ වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ඇදුම්වලට සමාන ඇදුම් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.
ඒ අතර ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ලාංඡනය සහිත ටී ෂර්ට් හා මුහුණු ආවරණ කිහිපයක්ද වනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි පොලීසිය සදහන් කළේ.