එය කැරට් 1758 ක බරකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දියමන්තිය හමුවී ඇත්තේ කැනේඩියානු සමාගමකට අයත් දියමන්ති ආකරයකින්. ලොව විශාලතම දියමන්තිය ලෙස සැලකෙන මෙහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
කැනීම් කටයුතු සදහා සමාගම එක්ස් කිරණ සම්පරේෂණ යන්ත්‍ර ඇතුලු නවීන තාක්ෂණ උපකරණ යොදාගෙන තිබෙනවා. මෙම දියමන්තිය හමුවීමෙන් පසු කැරට් දහස ඉක්මවූ තවත් දියමන්ති තුනක් හමුවු බවයි සමාගම පවසන්නේ.