fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 106ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2019 12:12

ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 106ක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ඇතුලු ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 106 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩි පිරිසකගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ගතවූ පැය 24 තුළදී ද සැකකරුවන් විසි දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළා.

ත‍්‍රස්තවාදි කටයුතු හෝ සැකකටයුතු පුද්ගලයන්, වාහන පිලිබද තොරතුරු ඇත්නම් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසයි පොලිසිය මහජනතාගෙන් ඉල්ලා සිටින්නේ. ඒ සදහා හමුදා මුලස්ථානය දුරකථන අංක කිහිපයක් හදුන්වාදි තිබෙනවා. 0112-434251, 0114-055105, 0114-055106, 0112-433335 සහ 0766911604 දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාදිය හැකි බවයි යුද හමුදා මුලස්ථානය නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2019 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්