පසුගිය පැය 24 තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් පුද්ගලයන් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවත්ත, මාවනැල්ල සහ කොම්පඤ්ඤවීදිය ප්රදේශ වලින් පුද්ගලයන් 9 දෙනෙක් සහ මිරිහාන, දෙහිවල ප්රදේශ වලින් පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා.
කොල්ලුපිටිය, බණ්ඩාරවෙල, කාත්තන්කුඩි, අලුත්ගම සහ පුරවසම්කුලම් ප්රදේශ වලින් එක් සැකකරුවෙක් බැගින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා.