fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වගකීම සාමූහිකව භාර ගන්නා බව අගමැති අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2019 18:01

ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වගකීම සාමූහිකව භාර ගන්නා බව අගමැති අවධාරණය කරයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාමූහික වගකීම භාරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් අද (26) කළ විශේෂ ප්‍රකාශය හරහා අවධාරණය කර ඇත්තේ බුද්ධි අංශයෙන් වැදගත් තොරතුරු තමන්ට ලැබී නොතිබුණද එම වගකීමෙන් ගැලවීමට තමන් සූදානම් නැති බවයි.

මෙම සතිය පුරා රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ පූර්ණ ශක්තිය යෙදූ බවත් ඒ හරහා ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලබන සතිය තුළ රටේ ආර්ථිකය යළි නැංවීමේ කාර්යට මුලපුරන බවයි අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්