ලබන මස පලමුවනදා සිට රටවල් 39 ක් සදහා ලබාදීමට නියමිතව තිබූ වීසා සහන යළි දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව ආගමන විගමන පාලක පසන් රත්නායක මහතා ප්රකාශ කලා.
පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන තීරණයට එළඹි බවයි රත්නායක මහතා සදහන් කළේ. විදේශිකයන් මෙරටට පැමිණීමට පෙර යෝජිතව තිබු ක්රමවේදය මගින් ගුවන් තොටුපොලේදීම වීසා ලබාගෙන රටතුළට ඇතුලුවීමට හැකියාව පැවතුණා.
එභෙත් එය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ආගමන විගමන පාලකවරයා සදහන් කළේ.