fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන තරගාවලියේ තරග තීරකවරුන් හා විනිසුරුවන් නම් කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2019 14:25

ලෝක කුසලාන තරගාවලියේ තරග තීරකවරුන් හා විනිසුරුවන් නම් කරයි

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග තීරකවරුන් හා විනිසුරුවන් නම් කිරීමට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් විනිසුරුවන් 16 දෙනෙකු හා තරග තීරකවරුන් 06 දෙනෙකු නම් කර තිබෙනවා.

ඒ තරග 48 ම වෙනුවෙනුයි. විනිසුරුවන් 16 දෙනා අතර මෙරට විනිසුරුවන් දෙදෙනෙකු ඇතුළත්ව සිටිනවා. ඒ කුමාර ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේයි.

තරග තීරකවරුන් අතර අත්දැකීම් වැඩිම තරග තීරකවරයා ලෙස මෙරට තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා නම් කර තිබෙනවා. ඔහු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 06 ක තරග තීරකවරයකු ලෙස කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2019 14:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්