fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ පුද්ගලයින් 76ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 17:27

බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ පුද්ගලයින් 76ක් අත්අඩංගුවට

බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ පුද්ගලයින් 76 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

රථවාහන , පුද්ගලයින් සහ විවිධ පරිශ‍්‍ර පරීක්ෂා කිරිමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවයි අමාතයාංශය පවසන්නෙ. විශේෂ පරික්ෂා කිරිම් සදහා පොලිස් නිලධාරින්ට අමතරව කි‍්‍රයාත්මක ති‍්‍රවිධ හමුදා නිලධාරින් සංඛ්‍යාව දස දහසක්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් දෙදහසකට අධික පිරිසක් ද යොදවා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කෙරෙනවා. එහි නිර්දේශ වලින්  පසු පුද්ගලයින් , සංවිධාන හෝ ආයතන සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග කඩිනම් කිරිමයි සැලසුම. අමානුෂික ප‍්‍රහාර මාලාවෙන් පසු ඊට සම්බන්ධ ඇතැම් ත‍්‍රස්තවාදින් ජීවග‍්‍රහයෙන් අත්අඩංගුවට ගැනිමට ආරක්ෂක අංශ වලට හැකිවුණා. ඔවුන් රැදි සිටි වාසස්ථාන සහ භාවිත කළ රහස් නිවාස රැසක් සොයා ගත් බවයි අමාත්‍යාංශය පවසන්නේ. ආරක්ෂක අංශයන්හි යම් අතපසුවිමක් හෝ පැහැර හැරිමක් සිදුව ඇත්දැයි සොයා බැලිමට ද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද ස්වාධීන පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.

පුළුල් විමර්ශනයක් කර නිසි කි‍්‍රයාමාර්ග ගැනිමයි අරමුණ. මහජන ආරක්ෂා තහවුරු කිරිම සදහා අවශ්‍ය විශේෂ කි‍්‍රයාමාර්ග රැසක් ගෙන ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ සදහන්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්