ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ දී පසුගිය ඔක්තෝම්බර් මාසයේ පුද්ගලයෙකුට පහර දී සුළු තුවාල සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවට නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් සැලකිල්ලට ගැනීමෙන් පසු ඔහු නිදහස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය කළා.
නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයට පහරදීමක් සිදු කළ බවට සීසීටීවී දර්ශන විමර්ශනය කිරීමේ දී අනාවරණය නොවන බව කොළඹ අපරාධ කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.