fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක අංශ සිදුකරන පරික්ෂාවලට සහාය වන්න

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 12:30

ආරක්ෂක අංශ සිදුකරන පරික්ෂාවලට සහාය වන්න

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ක්‍රියාමාර්ග ගෙන ඇති මොහොතක ඊට සහාය වීම සියලු දෙනාගේ වගකීමක් බව ආරක්ෂක අංශ අවධාරණය කරනවා.

අද (25) පෙරවරුවේ සිටම විවිධ ස්ථාන පරික්ෂාවට ලක් කෙරුණා. සැකසහිත පුද්ගලයන් මෙන්ම රථ වාහන ආදිය පරික්ෂා කර තිබෙනවා. එමෙන්ම ගොඩනැගිලි කිහිපයක්ද පරික්ෂාවට ලක් කෙරුණා.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි ක්‍රියාමාර්ග ගෙන තිබියදී ඒවාට සහාය වන ලෙසයි ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විවිධ පුද්ගලයන් කටකතා පතුරවන අතර ඒවාට හසු නොවන ලෙස ද ආරක්ෂක අංශ පවසනවා.

මේ අනුව පොලීසිය ත්‍රිවිද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පමණක් පිළිපදින ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්