අයි එස් අයි එස් ත්රස්ත සංවිධානයේ තාඩන පීඩනවලට ලක් වූ පකිස්තාන සරණාගතයින් 700 කට වැඩි පිරිසක් ගම්පහ පස්යාල මුස්ලිම් දේවස්ථානයක රැදී සිටිනවා.
පවුල් 208 කට වැඩි පිරිසක් මෙහි රැදී සිටින බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 14 ට අඩු දරුවන්ද සිය ගණනක් ඒ අතර වනවා. පකිස්තානයේදී අයි එස් ත්රස්ත සංවිධානයේ ඝාතනවලට ලක් වූ පවුල්වල සාමාජිකයන් පසුගිය කාලයේ මෙරටට පැමිණ මීගමුව ඇතුළු ප්රදේශ කිහිපයක රැදී සිටියා.
පසුගිය දිනවල සිදු වූ පිපිරීම් හේතුවෙන් ඔවුන් මෙලෙස ගම්පහ පස්යාල මුස්ලිම් දේවස්ථානයට පැමිණ තිබෙනවා. තම රැකවරණය වෙනුවෙන් මෙලෙස පැමිණි බවයි ඔවුන් පවසන්නේ.