ප්‍රධාන නගර කිහිපයක ශ්‍රි ලන්කන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන විවෘත කිරිමට තීරණය කර තිබෙනවා. ඒ මඩකලපුව, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, වව්නියාව සහ වෙන්නප්පුව නගරවලයි.
මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් මඟි සේවා සැපයිම සඳහා මෙම මධ්‍යස්ථාන පැය 24 පුරා විවෘත කර තැබීමටයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කළේ.
ඒ අනූව ගුවන් ටිකට් පත් මිළදී ගැනීම, ගුවන් ගත වීමේ දින වෙනස් කර ගැනීම, ආසන වෙන්කරවා ගැනීම මෙන්ම ගුවන් යානා පැමිණෙන සහ පිටත් වන වේලාවන් දැන ගැනීමට මෙම සේවා මධ්‍යස්ථානවලින් හැකියි.
වැඩිදුර තොරතුරු 1979 දුරකථන අංකයෙන් හෝ
www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ.