රටතුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැදවා තිබෙනවා.
එය හෙට (25) පෙරවරු 10 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) පස්වරු 04 ට ජනාධිපති කාර්යාලයේදී රැස්වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.