සැකකටයුතු පාර්සල් හා රථවාහන ආදිය ආරක්ෂිත උපක්රමික පිපිරවීමකට ලක්කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනවා.
ඒ අනුව කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ ආපන ශාලාවක තිබූ සැක සහිත පාර්සලයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත එම පාර්සලය ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ආරක්ෂිතව පිපිරවීමක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
කටාන පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැදවා මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.