fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාරයේ පතලක් නායයාමෙන් 54 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 12:15

මියන්මාරයේ පතලක් නායයාමෙන් 54 දෙනෙකු ජීවිතක්ෂයට

උතුරු මියන්මාරයේ පතලක් නායයාම හේතුවෙන් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළකෙරෙනවා.

උතුරු මියන්මාරයේ කෂීම් ප්‍රදේශයේ පිහිටි පතලක් මෙලෙස නායයාමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ආසන්නයේ පතල් කම්කරුවන්ගේ නිවාස පිහිටා ඇති අතර නායයාමෙන් ඒවා ද විනාශ වී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

වාහන 40 ක් ද පතල් කැනීම් කටයුතු සදහා යොදා ගන්නා උපකරණ ද නායායාම හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා. මේ වනවිට එම ප්‍රදේශයේ මඩ සහිත ජලය හේතුවෙන් මියගිය පුද්ගලයින් සෙවීම අපහසු වී ඇති බවද සදහන්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්