fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය පැවති කාලය අතුරතුරදී දුම්රියකට ගල් ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 12:11

ඇඳිරිනීතිය පැවති කාලය අතුරතුරදී දුම්රියකට ගල් ප්‍රහාරයක්

ඇඳිරිනීතිය පැවති කාලය අතුරතුරදී බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියකට ගල් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් තිබූ දුම්රියටයි ඊයේ රාත්‍රියේ මෙම ගල් ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ. ඒ බෙලිඅත්ත , උණන ප්‍රදේශයේදීයි. ප්‍රහාරයෙන් දුම්රිය රියදුරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව රියදුරු සහායකගේ උදව් ඇතිව දුම්රිය නොනවත්වා බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබෙනවා. බෙලිඅත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්