fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 11:02

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8 කදී එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරුණා. සැකකටයුතු පුද්ගලයින් හා වාහන මෙන්ම විවිධ ස්ථාන පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඒ සදහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා.

පොලීසියේ සහායට පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ත්‍රිවිධ හමුදාවද එක්ව සිටින බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. ජනතාවද දැඩි අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වනවා. සැක කටයුතු පුද්ගලයින් හා පාර්සල් ආදිය පිළිබද වැඩි අවධානයක් යොමු කොට එවැනි යම් තොරතුරක් වෙතොත් පොලීසිය හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගුවන්තොටුපොළ, වරාය, මහ බැංකු පරිශ්‍රය , ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන රැසකම ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ. අධිවේගී මාර්ග ආශ්‍රිතව හා දුම්රිය හා බස් නැවතුම්පොළ පරිශ්‍ර වලද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රි කාලයේ සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් කිහිප දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්