තැපැල් මගින් බෙදා හැරීම සදහා යොමු කෙරෙන පාර්සල් තැපැල් කාර්යාලයේ කවුලු නිලධාරියකු හෝ බලයලත් නිලධාරියකු ඉදිරියේ ඇසුරුම් කර භාර දෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත භාර ගන්නා ලෙස සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව බැහැර සිට ඇසුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. බැහැර සිට ඇසුරුම් කර රැගෙන එන පාර්සල් කවුළු නිලධාරීන් ප්රතික්ෂේප කිරීම හෝ යළි විවෘත කර පරික්ෂා කිරීමෙන් පසු ඇසුරුම් කළ යුතුයි.