සිදු වූ ඛේදවාචකය වෙනුවෙන් රජය අද දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.
සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුණු කළ යුතු බවයි අභ්‍යන්තර ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.පෙරවරු 8.30 සිට 8.33 දක්වා නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය පුද්ගලයන් අනුස්මරණය කරන ලෙසටත් අමාත්‍යංශය ඉල්ලීමක් කළා.
තවද බෝම්බ පිපිරීම්වලින් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා අනුස්මරණය කරමින් සෑම නිවසකම හා වාහනයකම සුදු කොඩියක් උසවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම පස්වරු 06.15 ට සෑම නිවසකම පහනක් දැල්වීමට කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.