ඊයේ(21) සිදුවූ පිපිරීම්වලට සම්බන්ධ සැකපිට පුද්ගලයින් 24 දෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඔවුන් රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුවන බවයි.
මේ අතර ඊයේ (21) රාත්‍රියේ කටුනායක ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම්වලදී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට ගුවන් හමුදාවට හැකිව තිබෙනවා. පයිප්ප බටයක් තුළ සගවා අයෝජන මණ්ඩලයට ප්‍රවේශ වන මාර්ගයේ සගවා තිබියදීයි මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත්තේ.