fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 08:52

ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි

ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඊයේ සිදුවූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සහ ජාතික ආරක්ෂාව පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ආරක්ෂක මණ්ඩලය අද උදෑසන රැස්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආරක්ෂක මණ්ඩලය රැස්වීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද සවස එකට කතානායකවරයා විසින් කැදවා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුව කැදවන බවයි කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2019 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්