අද(22) සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් ප්රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්නේ මිය ගොස් තිබෙනවා.කොළඹ ෂැංග්රිලා හෝටලේ සිදු වූ පිපිරීමෙනුයි ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත්තේ. ඔවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණපා තිබෙන්නේ උදෑසන ආහාර ගනිමින් සිටියදීයී.
ශාන්තා මායාදුන්නේ මහත්මිය එදා මෙදා තුර ස්වාධීන රූපවාහිනීය සමග සමීපව කටයුතු කළ ශිල්පිනියක්. අපගේ කාන්තා වැඩසටහන් සදහා ඇය සෑම විටම උපරිම ලෙස ඇයගේ දායකත්වය ලබා දුන්නා. ඇයගේ හදිසි වියෝව සම්බන්ධයෙන් අප ද දැඩි ශෝකය පල කර සිටිනවා.