fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධූෂ්ගේ තවත් සගයෙක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 17:32

මධූෂ්ගේ තවත් සගයෙක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ

මධූෂ් සමඟ ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන පසුගිය බදාදා මෙරටට පිටුවහල් කළ හය දෙනාගෙන් එක් අයෙකු රඳවාගෙන ප‍්‍රශ්න කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.

අහුන්ගල්ල බොරගහපිටිය ප‍්‍රදේශයේ පදිංචි දයාන් බුද්ධිම පෙරේරා යන 39 හැවිරිදි සැකකරුට ඝාතන චෝදනා පවතින බවයි විමර්ශන වලින් හෙළිවුණේ.

ඒ අනුව රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් ප‍්‍රශ්න කරන බවයි පෙලිසිය සදහන් කළේ.

ඔහු සමඟ දිවයිනට පැමිණි හය දෙනාගෙන් එක් අයෙකු වන මධූෂ්ගේ ඥාතියෙකු වූ නිලාන් රොමේෂ් සමරසිංහ යන සැකකරු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අනෙක් හතර දෙනා ඇප මත මුදාහල බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo