කළුවර දැව තොගයක් ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මොණරාගල – රදාන රක්ෂිතයේ කරදියඇල්ල ප්රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොණරාගල පොලිසිය සහ ලියන්ගොල්ල අඩවි වන නිලධාරින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින්. සැකකරු වට්ටක්කා ප්රවාහනය කරන බව පවසමින් කලුවර දැව තොගය රැගෙන විත් ඇති බවයි විමර්ශන වලින් හෙලිවුණේ.
එහි වටිනාකම රුපියල් ලක්ෂ දහයකට වැඩි බවද පොලිසිය සදහන් කළා.