fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යුද හමුදාවෙන් පුහුණුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 15:01

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යුද හමුදාවෙන් පුහුණුවක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ පුහුණු සැසි දෙකක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

තවත් දින 40 කින් එංගලන්තයේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය අනිද්දා (22) විශේෂ පුහුණු සැසියකට මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී එක්වනවා.

දින තුනක මෙම පුහුණුවේදී කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ආකාරය හා අභියෝගයන්ට මුණුදෙන ආකාරය පුහුණුකරවීමට නියමිතයි. කණ්ඩායමක් ලෙස ක්‍රීඩා නොකිරීම හේතුවෙන් පසුගිය එක්දින තරගාවලි කිහිපයේදීම ශ්‍රී ලංකාව පරාජයට පත්වූ බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ. මෙම අඩුපාඩුව මගහැරවීමට ලෝක කුසලාන තරගාවලියට නම්කළ ක්‍රීඩකයින්ට මෙම යුද හමුදා පුහුණු පාසලේදී විශේෂ වැඩමුළුව සංවිධාන කර තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලේදී ලබන 26 වැනිදා සිට ලබන 30 වැනිදා දක්වා විශේෂ පුහුණු සැසියකට එක්වනවා. එහි සකස්කර ඇති තණතීරුව එංගලන්තයේ තණතීරුවලට සමාන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. මෙම විශේෂ පුහුණු සැසි සදහා සංචිතයට ඇතුලත් ලසිත් මාලිංග එක්වන්නේ නැහැ. ඒ ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට ඔහු එක්ව සිටීම හේතුවෙන්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 15:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්