fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු බර ඉසිලිමේ ශුරතාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 14:41

ආසියානු බර ඉසිලිමේ ශුරතාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

චීනයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලිමේ ශුරතාවලියේ කිලෝග්‍රෑම් 55බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට ඩිලන්ක ඉසුරු කුමාර සමත් වුණා.

ඔහු මෙම තරගයේදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් බර ප්‍රමාණයක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 135ක බර ප්‍රමාණයක් එසවීමට සමත් වුණා. ඔහු දිනාගත් මෙම ලෝකඩ පදක්කම වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලාංකේය බර ඉසිලිමේ ක්‍රිඩකයෙකු ආසියානු තරගාවලියක ජ්‍යෙෂ්ඨ අංශයෙන් දිනාගත් පළමු පදක්ම ලෙසයි.

ආසියානු බර ඉසිලිමේ ශුරතාව සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිඩකයින් සිව්දෙනෙකු සහ ක්‍රිඩිකාවන් දෙදෙනෙකු ඇතුලත්. ආසියානු බර ඉසිලිමේ තරගාවලිය එළඹෙන 2020ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලියක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 14:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්