යුක්රේන ජනාධිපතිවරණයේ දෙවන අදියර හෙට (21) පැවැත්වෙනවා. එහි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ සහ ප්‍රතිවාදී අපේක්ෂක වොලොදිමීර් සෙලෙන්ස්කි දෙවන අදියර පෙර ප්‍රසිද්ධ විවාදයකට ද සහභාගී වුණා.
ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ විවාද කිරීම සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එය නැරඹීමට යුක්රේන වැසියන් තුළ දැඩි උද්යෝගයක් තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුක්රේන ජනාධිපතිවරණයේ පළමු අදියර පසුගිය මාර්තු 31 වෙනිදා පැවැත්වුණා. අපේක්ෂකයන් 39 දෙනෙකු අතරින් ඉදිරියෙන්ම සටින්නේ යුක්රේන විකට නළුවෙකු වන වොලොදිමීර් සෙලෙන්ස්කි. කෙසේවෙතත් පළමු අදියරයේදී කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගැනීමට නොහැකි වුණා.