fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගලේවෙල අඹුසැමි යුවල ඝාතනය ගිනිපෙට්ටියකින් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 11:19

ගලේවෙල අඹුසැමි යුවල ඝාතනය ගිනිපෙට්ටියකින් හෙළිවෙයි

ගලේවෙල දේවහූව කීඇල ප‍්‍රදේශයේ අඹුසැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(19) රාති‍්‍රයේ අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවගේ බාල සහෝදරයා බවයි පොලීසිය පවසන්නේ. මෙම ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා ද අත්අඩංගුවට ගැණුනා. ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

දුරකථන විශ්ලේෂණ සහ ඉතා රහසිගතව සිදුකළ පරීක්ෂණ ඔස්සේ සිද්ධිය අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා. ඇසින් දුටු කිසිදු සාක්ෂියක් නොමැතිව ඝාතන සිදුවූ ස්ථානයට මදක් දුරින් වැටී තිබූ ගිනි පෙට්ටියක් ආධාරයෙන් සැකකරුවන් අනාවරණය කරගැනීමට හැකිවීම විශේෂත්වයක්.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ප‍්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබාගන්නා බවයි ගලේවෙල පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්