කතානායකවරයාගේ බලාපොරොත්තුව
Related Articles
ඉටු කර ගත නොහැකි වූ බලාපොරොත්තු රැසක් මේ වර්ෂයේදී ඉටු කර ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
අද(20) උදෑසන කතානායක කරූ ජයසූරිය මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා.
අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව මාධ්‍ය ඇමතූ කතානායකවරයා කියා සිටියේ රටේ ජනතාව වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් මේ යුගයේදි ඉටුකළ යුතු බවයි.