fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්ද්‍රිකාගෙන් පසු විශාලතම ජයග්‍රහණය මේ වසර අගදී එජාප ජනාධිපති අපේක්ෂකයාට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 13:18

චන්ද්‍රිකාගෙන් පසු විශාලතම ජයග්‍රහණය මේ වසර අගදී එජාප ජනාධිපති අපේක්ෂකයාට

වත්මන් රජය කිසිදු කුමන්ත්‍රණයකින් පරාජය කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

මුදල් අමාත්‍යය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් දශක තුනක මාතර කතාව නම් වු ඡායරූප ප්‍රදර්ශනය අද උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ මාතර නුපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී.  එම අවස්ථාවට දකුණු පළාත් හිටපු මහ ඇමති එච් ඩී සිරිසේන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියා.  ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවැත්විමට නියමිතයි.

හෙට දිනයේ මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලලා විශේෂ උත්සයක් රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තගොර් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. ඒ  හිටපු මුදල් අමාත්‍ය රොනි ද මැල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි මංගල සමරවීර මහතාගේ දිවියේ රසුමුසු තැන් අලලා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත මංගල සමරවීර කෘතිය එලි දැක්විමද සිදු වනවා. දශක තුනක දේශපාලන ගමන් මග පිලිබද ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි. ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ වත්මන් රජය කිසිදු කුමන්ත්‍රනයකින් පරාජය කළ ‍නොහැකි බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කර සිටියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්