fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL 35 වෙනි තරඟයේ ජය රෝයල් චැලේන්ජස් බැන්ගලෝර් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 08:41

IPL 35 වෙනි තරඟයේ ජය රෝයල් චැලේන්ජස් බැන්ගලෝර් කණ්ඩායමට

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ 35 වෙනි තරඟය ජයගැනීමට රෝයල් චැලේන්ජස් බැන්ගලෝර් කණ්ඩායම සමත්වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් කී‍්‍රඩකයන් කඩුලු හතරක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 213 ක්. අඟනා ඉනිමක් කී‍්‍රඩාකළ විරාත් කෝලි ලකුණු සියයක් වාර්තා කිරීමට සමත්වුණා. පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 203 ක් පමණයි. නිතිෂ් රනා ලකුණු 85 යි.

මේ අතර අයිපීඑල් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද (20) පැවැත්වෙනවා. එක් තරඟයක් පැවැත්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර. අනෙක් තරඟය දිල්ලි කැපිටල් සහ කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 08:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්