ගලහ ලූල්කඳුරවත්ත කොණ්ඩගල ප්රදේශයේදී පුද්ගලයන් 25 දෙනෙක් බඹර ප්රහාරයට ලක්වුණා.
ඔවුන් අතර කාන්තාවන් 13 දෙනෙක් සිටින බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස ප්රහාරයට ලක්ව ඇත්තේ කෑගල්ල වරකාපොළ හා රත්නපුර ප්රදේශවල පදිංචි පුද්ගලයන් පිරිසක්.
ඔවුන් එම ප්රදේශය නැරඹීමට පැමිණ සිටියදී ප්රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.