fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 35 ක මුදල් නෝට්ටු තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 10:16

ලක්ෂ 35 ක මුදල් නෝට්ටු තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

යක්කල වීදිය වත්ත ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ පරීක්ෂාවකදී අනන්‍යතාව හෙළිකර ගැනීමට නොහැකි වූ රුපියල් ලක්ෂ 35 කට අධික වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටියදී මෙම නෝට්ටු තොගය අත්අඩංගුවට ගැනුණා.

පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ ව්‍යාපාරික කටයුතු සදහා මෙම මුදල් රැගෙන යන බවයි. ඔවුන් වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්